Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිමියාවේ පාසලක වෙඩි තැබීමකින් සහ පිපිරීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 10:07

ක්‍රිමියාවේ පාසලක වෙඩි තැබීමකින් සහ පිපිරීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

රුසියානු පාලනයේ පවතින ක්‍රිමියාවේ පිහිටි පාසලක වෙඩි තැබීමකින් සහ පිපිරීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම විද්‍යාලයේම ඉගෙනුම ලබන වයස අවුරුදු 18 ක ශිෂ්‍යයෙකු ගිනි අවියක් රැගෙන පාසලට තුළට වෙඩි තබමින් දිව ගොස් තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුද සියදිවි හානි කරගෙන තිබෙනවා. ක්‍රිමියාවේ කෙරෙච් හි පිහිටි තාක්ෂණික විද්‍යාලයේයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. වෙඩි තැබිම සිදු කිරිමට පෙර පිපිරීමක් ද සිදු කර තිබෙනවා. මෙහිදී පනස් දෙනෙකු තුවාල ලබා ඇති බව ද සදහන්. මෙම සිදුවීම සම්බන්ධයෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද ක්‍රිමියානු බලධාරීන් පියවර ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 10:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්