fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CIDයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 10:14

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CIDයට

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද පෙරවරු 9.30ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණියා. ඒ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි.

පසුගිය අඟහරුවාදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම්දී තිබුණද පෞද්ගලික හේතුවක් මත එදිනට පැමිණිය නොහැකි බවයි නාලක ද සිල්වා මහතා දැනුම් දී තිබුණේ. ඒ අනූව ප‍්‍රකාශය ලබාදිමට අද පැමිණෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව දැනුම් දී තිබුණා.

මේ අතර පරික්ෂණ අවසන් වන තුරු ඔහුගේ සේවය ඊයේ අත්හිටුවනු ලැබුවා. ඒ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විසින් කළ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදියි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්