fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තයට කඩුලු 07ක ජයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:28

එංගලන්තයට කඩුලු 07ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 07 කින් ජය ගැනීමට සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දිවා රාත්‍රී ලෙස පැවති තරගයේ ආරම්භයට වර්ශාව හේතුවෙන් බාධා එල්ල වුණා. තරග ආරම්භය පැය 06 කට අධික කාලයක් ප්‍රමාදවීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 21 කට සීමා කිරීමට විනිසුරුවන් කටයුතු කළා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට එංගලන්තය තීරණය කළා. ඔවුන් තරගයට පිවිසියේ එක් වෙනස්කමක් සහිතවයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් තුන්දෙනෙකුට ස්ථානයන් අහිමි වී තිබුණා. තරගයේ පළමුව පිටියට පිවිසි ශ්‍රී ලංකාවට වේගවත් ආරම්භයක් හිමිවුණා. කුසල් මෙන්ඩිස් හා තිසර පෙරේරා තමන් මුහුණදුන් පළමු පන්දුවෙන්ම තරග නරඹන්නන් වුණා. අඩිල් රෂීඩ් කඩුලු 04 ක් දවා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 21 අවසානයේ ලබාගත හැකිවුනේ කඩුලු 09 ක් දැවී ලකුණු 150 ක් පමණයි.  පන්දුවාර 18 යි පන්දු 03 ක් අවසායේ කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 153 ක් ලබා ගනිමින් එංගලන්තය තරගය ජය ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:28

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo