Life+News The Official News Portal of Independent Television Network Ltd

ජමාල් කෂෝගිගේ මරණය සම්බන්ධයෙන් ඇමරිකාව සාක්ෂි ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:20

ජමාල් කෂෝගිගේ මරණය සම්බන්ධයෙන් ඇමරිකාව සාක්ෂි ඉල්ලයි

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ මරණය සම්බන්ධයෙන් පටිගත කරන ලද සාක්ෂි ලබාදෙන ලෙස ඇමරිකාව තුර්කියෙන් ඉල්ලීමක් කළා. අතුරුදන්ව සිටි කෂෝගීගේ කොටස් කළ සිරුර ඉස්ථාන්බූල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළ තිබී හමුවූ බවයි තුර්කිය ප‍්‍රකාශ කළේ. එභෙත් ඒ සම්බන්ධයෙන් පටිගත වූ තොරතුරු ලබාදෙන ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය දෙවනදා කොන්සල් කාර්යාලයට ඇතුළුවීමෙන් පසු කෂෝගී පිළිබඳ තොරතුරු අණාවරනයක් සිදුවුණේ නැහැ. ඔහු අතුරුදන් බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. තුර්කිය මාධ්‍යවේදියා සොයා අඛණ්ඩව පරික්ෂණ සිදුකළා. ඒ අනුව ඊයේ ඔහුගේ සිරුර සොයාගත් බවයි තුර්කි රජය ප‍්‍රකාශ කළේ. ඒ සෞදි කොන්සල් කාර්යාලය තුළදී. එභෙත් මාධ්‍යවේදියාගේ මිය යාම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව සෞදි අරාබිය පවසනවා. ඝාතනය සම්බන්ධයෙන් සෞදිි අරාබියට එල්ල වන චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනිමට ඇමරිකාව පෙනී සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ‍ෙ

කෙසේ වෙතත් අතුරුදන්වීමට ආසන්න කාලයේදී ජමාල් කෂෝගී මැදපෙරදිග මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලිපි කිහිපයක් පළකර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්