Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සහ ඉන්දීය අගමැති දුරකථන සංවාදයක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:16

ජනපති සහ ඉන්දීය අගමැති දුරකථන සංවාදයක

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඊයේ (17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් විය.

මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර, ශ‍්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත‍්‍රත්වය සහ සුහදශීලිභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ද නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී සඳහන් කළ අතර, අසල්වාසී සහෝදර රාජ්‍යයන් සමග මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ වඩා මිත‍්‍රශීලි සහ සමීප සබඳතාවයන් ගොඩනගා ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ද සතුට පළ කළේය.

සමීප මිතුරෙකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව නිරන්තරයෙන් ලබාදෙන සහය මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ ඇගැයීමට ලක් කෙරිණි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්