තමා මිය ගිය බව ඇඟවීමේ වංචාවක් කළ පුද්ගලයෙකුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඒ බව නොදැන සියදිවි නසා ගැනීමේ පුවතක් චීනයෙන් වාර්තා වුණා. 35 හැවිරිදි පුද්ගලයා මෙම වංචාව සිදු කර ඇත්තේ රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින්.
ඒ බව නොදත් 31 හැවිරිදි බිරිඳ තම හතර හැවිරිදි පුතා සහ තුන් හැවිරිදි දියණිය සමඟ සියදිවි හානිකර ගත්තා. මෙම පුද්ගලයා තම මෝටර් රථය ගංඟාවකට පෙරලී ගිය බව ඇඟවීමටයි කටයුතු කර තිබෙන්නෙ. මෝටර් රථය ගංගාවෙන් තිබී හමුවුවද ඔහුගේ සිරුර හමු නොවීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් සිදු කළා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි චීන මාධ්‍ය වාර්තා සදහන් කළේ.