හැටන් කාසල්රි ප්රදේශයේ සංචාරක නිකේතනයක මල් පොච්චිවල වගා කර තිබු කන්සා පැළ තුනක් සහ එම සංචාරක නිකේතනයේ කළමනාකාරවරයා අද (17) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සංචාරක නිකේතනයේ මල් පැළ වගා කර තිබු පෝච්චි අතර මෙම කන්සා වගා කර තිබු බවයි මෙම වැටලිම සිදුකළ හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.
මෙම සංචාරක නිකේතනයට පැමිණෙන සංචාරකයන්ට කන්සා ලබාදීම සදහා වගා කළේද යන්න පිලිබඳව හැටන් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
හැටන් පොලිසියට ලද තොරතුරක් මතයි මෙම වැටලිම සිදු කර ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව හැටන් පොලිසිය පැවසුවා.