fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලි දේශයේ මීලග සාමසාධක මෙහෙයුමට අපේ කණ්ඩය සූදානම් වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 15:27

මාලි දේශයේ මීලග සාමසාධක මෙහෙයුමට අපේ කණ්ඩය සූදානම් වෙයි

ශ්‍රී ලංකාව, එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා හමුදා භට පිරිස් වැඩි සංඛ්‍යාවක් සහභාගි කරවන රටවල් අතරින් (UN troop contributing country) එකක්. මීලග මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය (Combat Convoy Company) පිටත් වීමට සූදානම් වෙම්න් සිටිනවා. ඒ බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශය රාජකාරීන් සඳහායි. එම කණ්ඩය සාමාජිකයින් 260දෙනෙකුගෙන් සමන්විතයි.

එම කණ්ඩය වෙනුවෙන් ‘හාර්මටාන් – 2’ (Ex Harmattan) විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස චුන්ඩිකුලම් ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙනවා. හෙට (18) සිට 24 දින දක්වා උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය පැවැත්වෙයි.

මාලි දේශයේ එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා (MINUSMA) හී රාජකාරින් මීට පෙර සහභාගීවූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ මඟපෙන්වීමට අනුව ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය දියත් කරයි.

2005 සහ 2007 වර්ෂයන් හිදී ජාත්‍යන්තර සාමසාධක මෙහෙයුම් ඉටුකරමින් සිටියදී ශ්‍රී ලංකා සාමසාධක භටයින් තිදෙනෙකු සිය ජිවත පූජා කළ අතර ඔවුනට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩැග් හැමර්ෂල් පදක්කමෙන් ගෞරවය පිරිනමා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්