නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන , කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ජනාධිපතිතුමන් හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්රනය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා මත පදනම්ව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම තීරණය ගත් බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඒ අනුව ඒ සඳහා වන නිර්දේශය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව අද‘(17) පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත යවා තිබෙනවා.
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු වඩාත් ස්වාධීන හා විනිවිද භාවයෙන් සිදුකිරීමට මෙමගින් හැකිවනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.