fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයට තවත් අභියෝගයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 12:19

ඇෆ්ගනිස්ථානයට තවත් අභියෝගයක්

ඇෆ්ගනිස්තාන රජය සහ තලෙයිබාන් සටන්කාමීන් අතර යුද්ධයට වඩා වැඩි පිරිසක් මෙම වසරේදී බලපා ඇති නියගය හේතුවෙන් අවතැන් වී සිටින බව ජගත් සංවිධානය සදහන් කරනවා.

ඇෆ්ගනිස්ථානයේ උතුරු සහ බටහිර ප්‍රදේශවල දෙලක්ෂ හැට දහසකට අධික පිරිසක් මේ වන විටත් තම නිවාසවලින් ඉවත්ව ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් ත්‍රස්ත භීතිය පාලන වීමත් සමග නියගය හේතුවෙන් එරට ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. හරාද් ප්‍රදේශයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. ජගත් සංවිධානය එම ජනතාවට සහන සැලසීම සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 34.6ක මුදලක් ලබා දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්