fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිලිනොච්චියේ රැකියා විරහිත තරුණ තරුණියන්ට නව රැකියා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 11:52

කිලිනොච්චියේ රැකියා විරහිත තරුණ තරුණියන්ට නව රැකියා

කිලිනොච්චි ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් සදහා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් නව රැකියා අවස්ථා උදාවුණා. තරුණ තරුණියන් 123 දෙනෙකු වෙත රැකියා ලබාදීම විශේෂත්වයක්.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයයි මෙය සංවිධාන කළේ. පෞද්ගලික ආයතනයක දායකත්වය මේ සදහා ලැබී තිබුණා. 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේ කන්දවාලි ප්‍රදේශයේ දී මේ සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණා. එහිදී ක්ෂේත්‍ර 22 ක් යටතේ සිත්ගන්නා සුළු වැටුපක් සහිතව රැකියා අවස්ථා ලබාදීමට හැකිවුණා. සුදුසුකම් සපිරූ අය අතුරින් 123 දෙනෙකු රැකියා සදහා තෝරා ගැණුනා. 57 වන සේනාංකය මගින් මීට පෙරද කිලිනොච්චියේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්