fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජොන්ස්ටන් ඇතුලු 3 දෙනා නිදොස් කොට නිදහස්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 12:27

ජොන්ස්ටන් ඇතුලු 3 දෙනා නිදොස් කොට නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය අද(17) නියෝග කළා. මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියයි නියෝගය ලබාදුන්නේ. විත්තියේ සාක්ෂිකරුවන් නොකැදවා විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීමටයි මෙහිදී නියෝග කෙරුණේ. වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් අව භාවිත කළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ සම්බන්ධ නඩුව කුරුණෑගල මහාධිකරණයේදී දිනපතා විභාගයට ගැණුනා. නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද කටයුතු කෙරුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව මෙම නඩුවෙන් නිදොස්කොට නිදහස් කෙරුණේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ මොහොමඩ් හකීර් සතොස හිටපු සභාපතිවරයෙකු වූ නලීන් ප්‍රනාන්දු යන අයයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්