fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 11:06

සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

හිටපු නියෝජ්‍ය ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට එරෙහි නඩුව විභාගයට කොළඹ මහාධිකරණය දින නියම කළා. ඒ අනූව ලබන දෙසැම්බර් 12 වනදා සිට නඩුව විභාගයට ගන්නා ලෙස දැනුම් දුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මීගමුව කලපු සංවර්ධනය සඳහා වෙන්කළ රුපියල් මිලියන 14ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරිමයි ඔහුට එරෙහි චෝදනාව. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බෑනා හිටපු ධිවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු හය දෙනෙකු විත්තිකරුවන් ලෙස නම්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්