මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුත්තල ගෝනගංආර පොලිසිය සිදු කල වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝනගංආර ප්රදේශයේම පදිංචිකරුවන් වන අතර සැකකරුවන් ප්රදේශයේ නීති විරෝධී මත්පැන් සහ දඩමස් ජාවාරමේ නිරත පුද්ගලයන් පිරිසක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවෙදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ කසිප්පු මිලිලීටර් විසිපන්දහස් පන්සීයක් සහ ගිනිඅවි ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගෝනගංආර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.