fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභය රාජපක්ෂගේ රීට් පෙත්සම ලබන මස 2 වනදා විභාගයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 11:43

ගෝඨාභය රාජපක්ෂගේ රීට් පෙත්සම ලබන මස 2 වනදා විභාගයට

රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ රීට් පෙත්සම ලබන මස දෙවනදා විභාගයට ගැනීමට දින නියම කළා. පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබද පෙත්සම්කරුගේ ස්ථාවරත්වය මීළග දින අධිකරණයට දැනුම් දීමට නියමිතයි.

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මෙම මුදල් අවභාවිත කළ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ. ගෝඨාභය රාපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ මේ වනවිට නඩු පවරා තිබෙනවා. මැදමුලන ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය කරුණු වාර්තාකර තිබුණා. ඒ අනුවයි ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරුණේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්