තෙබුවන නගරයේදී කළහකාරි ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවයෙන් අත්හිටවූ පොලිස් සැරයන්වරයා යළි සේවයෙහි පිහිටුවා තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පෙර රාජකාරි සිදුකළ ස්ථානයටම ඔහු අනියුක්ත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. අත්අඩංගුවට ගත් වැලි ලොරියක් මුදා හැරීමට පොලිස් ස්ථානාධිපතිවරයා ගත් පියවරට විරෝධය පළ කරමින් ඔහු තෙබුවන නගරයේදී මෙලෙස කළහාකාරි ලෙස හැසිරුණා.