ඊජිප්තුවට පනවා තිබූ හදිසි නීතිය තවත් මාස තුනකින් දීර්ඝ කර තිබෙනවා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී දේවස්ථාන 2 කට එල්ල වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ හේතුවෙන් පැනවූ හදිසි නීතියයි තවත් මාස තුනකින් දීර්ඝ කෙරුණේ. එරට පාර්ලිමේන්තුව එය සම්මත කර ඇති බව සදහන්. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසි ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළා. ඊජිප්තුව වසර ගණනක් ඉස්ලාමීය ත්‍රස්තවාදය හේතුවෙන් පීඩා විඳිනවා. උතුරු සිනායි ප්‍රදේශයට ඉන් වැඩි බලපෑමක් එල්ල වුනා. පසුගිය පෙබරවාරි මාසයේ දී ඊජිප්තුව දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් ද සිදුකළා.