නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට හෙට අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. ඒ ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනිමට. ඊයේ (16) පැමිණෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන්නද පෞද්ගලික හේතුවක් මත පැමිණිය නොහැකි බවයි ඔහු දෙපාර්තමේන්තුවට දන්වා තිබුණේ. ඒ අනූව එම ප්‍රකාශය ලබා ගැනිමට හෙට පැමිණෙන ලෙසයි කුරුදුවත්ත පොලිසිය මඟින් නාලක සිල්වා මහතාට දැනුම් දී ඇත්තේ.