බන්ධනාගාර ආරක්ෂාව සඳහා අද (17) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවිමට තීරණය කර තිබෙනවා. පළමුවැනි අදියර යටතේ අගුණුකොළපැළැස්ස බන්ධනාගාරය සඳහා සෙබලුන් යොමු කරන බවයි විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා සඳහන් කළේ.
වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර සඳහා ද විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. සෙබලුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයාදීම මේ දිනවල සිදුකෙරෙනවා. අක්‍රමිකතා සම්බන්ධ චෝදනා එල්ල වූ බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ ඒකකය විසුරුවා හැරීමට පසුගියදා කටයුතු කළා. ඉන්පසු මෙම තීරණය ගත් බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.