fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුගේ සේවය අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 09:40

ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුගේ සේවය අත්හිටුවයි

ජාතික වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කළ සර්බියානු ජාතික ඩොජොන් මහතාගේ සේවය අත්හිටුවීමට වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ ආසියා අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සෞදි අරාබි කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා. එම පරාජයට හේතු සොයා බැලීම සඳහා ජාතික වොලිබෝල් සම්මේලනය පංච පුද්ගල කමිටුවක් පත්කළා. එම කමිටුවේ වාර්තාව අනාවරණය කිරීමට මාධ්‍ය හමුවක් වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කමිටු වාර්තාව අනුවයි වත්මන් පුහුණුකරුගේ සේවය අත්හිටුවීමට තීරණය කර තිබෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 09:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්