ඉන්දියාව අලහබාද් නගරයේ නම වෙනස් කළා. ඒ අනූව මින් ඉදිරියට අලහබාද් නගරය ප්රයාරාජ් ලෙසයි හැදින්වෙන්නේ. ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරයක් ලෙස එම ප්‍රදේශය සැලකෙනවා. හින්දු සම්භවය සහිත නමක් මෙම නගරය හැදින්වීම සඳහා භාවිත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වූ බවයි පාලක භාරතීය ජනතා පක්ෂය පෙන්වා දෙන්නේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය සිද්ධාර්ත් නාත් සිං සඳහන් කර තිබෙනවා. නගරයේ නම වෙනස් කිරිම සඳහා යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රධාන අමාත්‍යවරයායි. නම වෙනස් කිරිමෙන් පසු හින්දු භක්තියකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන කුම්භමේලා උත්සවය ලබන ජනවාරි මාසයේ ප්රයාරාජ් ප්‍රදේශයේ පැවැත්වීමටයි නියමිත.