fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 09:28

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇරඹෙයි

ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාව අංගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී ආරම්භ විය.

එහි අංකය 1926 වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමග ඒකාබද්ධව මෙම උපකාරක සේවාව නොමිලේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ පැවැති උත්සවයක දී උපකාරක සේවාව ආරම්භ විය. මෙම රෝහල ඉදිකර ඇත්තේ 1926 වසරේදීය.

එම වර්ෂයම උපකාරක සේවාවේ දුරකථන අංකය ලෙස යොදාගෙන ඇත. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ වෙමින් මානසික සෞඛ්‍ය ගැටලු පිළිබද වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකිය. ඉන්පසු ප්‍රතිකාර සේවාව සදහා යෙදවීමට පියවර ගනු ලැබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන මහතා, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්