Life+News The Official News Portal of Independent Television Network Ltd

වී අලෙවි මණ්ඩලයෙන් ලබන මාසයේ සිට වෙළෙද පොලට සහල්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 17:45

වී අලෙවි මණ්ඩලයෙන් ලබන මාසයේ සිට වෙළෙද පොලට සහල්

පාරිභෝගිකයන්ට සහන සැලසීම සදහා ලබන මාසයේ සිට වෙළෙද පොලට සහල් නිකුත් කරන බව වී අලෙවි මණ්ඩලය ප‍්‍රකාශ කළා. පී එම් බී රයිස් යන වෙළෙද නාමය යටතේ කිලෝග‍්‍රෑම් පහ සහ 10 ඇසුරුම් සතොස ඇතුලු වෙළෙදසැල් වෙත නිකුත් කිරීමයි සැලැස්ම. වෙළෙද පොල සහල් මිල ඉහල යාම පාලනයට ද මෙමගින් හැකිවන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා පෙන්වා දුන්නා.
සහල් සම්බන්ධයෙන් පාලන මිලක් පැනවීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා. ප‍්‍රසිද්ධ සහල් සැකසුම් ව්‍යාපාරිකයන් සමඟ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. වෙළෙද පොලට සපයන සහල්වලින් කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 10 බැගින් අඩුකිරිමට එහිදී ඔවුන් එකඟත්වය පළකළා. ලබන වසරේ සිට සහල් සදහා පාලන මිලක් පැනවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ජීවන වියදම් කමිටුවට ඒ සදහා නිර්දේශ ඉදිරිපත් කරන බවයි අමාත්‍යාංශය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 17:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්