fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විවේචන මැද ට්‍රම්ප් මීළඟ මැතිවරණ ප්‍රචාරයට මුදල් වෙන්කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 18:22

විවේචන මැද ට්‍රම්ප් මීළඟ මැතිවරණ ප්‍රචාරයට මුදල් වෙන්කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක උපක්‍රම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විවිධ විවේචන එල්ල වුණා. එසේ තිබියදීත් ඔහු තවත් වසර 2 කින් පැවැත්වීමට නියමිත මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක්  වෙන්කර තිබෙනවා.

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත මධ්‍ය කාලීන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 18 කට වැඩි මුදලක් පසුගිය ජූලි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වෙන්කර තිබුණා. පසුගිය මාසය අවසන් වන විට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වන බැංකු ගිණුමේ ඇමෙරිකා ඩොලර් මිලියන 35 යි දශම 4 ක මුදලක් තිබූ බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. 2016 වසරේ පැවති මැතිවරණයේදී ද ඔහු ප්‍රචාරක කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක් වුණා. ට්‍රම්ප්ගේ දියණිය හා ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක වන ලාරා ට්‍රම්ප් පැවසුවේ ඇමෙරිකාවේ සාමාන්‍ය ජනතාව ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ඉහළ සහයෝගයක් ලබාදෙන බවයි. ලබන මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍ය කාලීන මැතිවරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බව ද ඇය කියාසිටියා. පසුගිය කාලයේදී ඇමෙරිකාව ආයෝජකයින් ගෙන්වීම සඳහා පොළී අනුපාත ඉහළ නැංවීම ඇතුලු ආර්ථික වෙනස්කම් රැසක් සිදු කළා. මේ හේතුවෙන් ඇමෙරිකා ඩොලරය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ සමගම මුදල් ඒකක පහළ යාමෙන් 3 වන ලෝකයේ රටවලට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්