fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව්වැලිගම තවත් කන්දක් නායයාමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 17:08

නිව්වැලිගම තවත් කන්දක් නායයාමේ අවදානමක්

නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් තවත් පස් කන්දක් නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසනවා.

නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කොටසක් සහ එ් අසල තිබු නිවාස පහක් කාසල්රි ජලාශයට නායයාම සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විම සඳහා අද නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදි සමන්ත බෝගහපිටිය මහතා මේ බව කියාසිටියා.

කාසල්රි ජලාශයේ සිට ඉහළට විහිදි ඇති ගල් පොත්තක් මත තිබු පස් තට්ටුවක් මෙසේ නායගොස් තිබෙනවා. ප්‍රධාන මාර්ගයට ඉහළින් වු තවත් පස් කන්දක ජලාශය දෙසට නාය යමින් පවතිනවා. මෙම නායයාම හේතුවෙන් පවුල් 7 කට අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ මේ වන විට ඔවුන්ගේ ඥාතී නිවෙස්වල තාවකාලිකව නතර වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 17:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්