අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වි විග්නේෂ්වරන් මහතා ඇතුලු 3 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ උතුරු පළාත් සභාවේ හිටපු ධීවර හා ප්‍රවාහන අමාත්‍ය බී ඩෙනීෂ්වරන් මහතා අභියාචනාධිකරණයට ගොනු කළ විරෝධතාවක් හේතුවෙන්.
තමා එම ධුරයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නැති බව පවසමින් නඩුව ගොනුකර තිබුණා. තමා ඇතුලු වගඋත්තරකරුවන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව පවසමින් විග්නේෂ්වරන් මහතා මූලික විරෝධතාවක් ගොනුකර තිබුණා.
ඒ සම්බන්ධ තීරණය දෙසැම්බර් මස 10 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය දින ලබා දුන්නා.