“සමනළ රුව” ජනපතිට පළඳවයි
Related Articles
2018 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම නිමිත්තෙන් එහි සැමරුම් සංකේතය වන “සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව “වෙනස් වන ලෝකයේ යෞවනය සහ මානසික සෞඛ්‍යය” තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකාවේ එය සැමරෙන අතර මේ නිමිත්තෙන් මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ කි‍්‍රයාකාරි ජාලය විසින් දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.
මානසික සෞඛ්‍ය පිරිහීම නූතන ලෝකය තුළ සීඝ්රයෙන් පැතිර යන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ප්‍රජාව ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඔක්තෝබර් 10 වැනිදා ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස නම් කර තිබෙනවා
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ කි‍්‍රයාකාරි ජාලයේ මෙහෙයුම් අධ්යක්ෂ සුනිල් නානායක්කාර මහතා විසින් ප්‍රථම සැමරුම් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවී ය.
මනෝ සමාජීය ආබාධ සහිත ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමත්, මානසික රෝග වැළැක්වීමත්, ප්‍රතිකාරවල ගුණාත්මක බව ඉහළ නැංවීම සහ ප්‍රජාවේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමත් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරන මෙන් ඉල්ලා සිටීම සහ මානසික සෞඛ්‍ය සේවාලභීන්ගේ කි‍්‍රයාකාරි ජාලය ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 25ක මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ සංවිධාන සමඟ එක්ව 2018 අගෝස්තු මාසයේ දී ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී ප්‍රකාශයට පත් කරන ලද බාලි ප්රකාශනය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු විය.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල් මනෝ වෛද්‍ය, විශේෂඥ වෙද්‍ය ජයාන් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.