fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පන්දුවට පහරදීමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 14:04

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පන්දුවට පහරදීමට තීරණය කරයි

ශ්‍රී ලංකා වයස අවුරුදු19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශය තීරණය කළා.

එන් සී සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ නිපුන් ධනංජයයි. දෙරට අතර සිව්දින ක්‍රිකට් තරග දෙකක් හා එක්දින තරග 05 ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙවර ආසියා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. බංග්ලාදේශයද එම තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වුවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 14:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්