fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවදිල්ලිය අවදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 12:26

නවදිල්ලිය අවදානම්

ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය සීග්‍රයෙන් ඉහළයමින් පවතිනවා. මධ්‍යම දූෂණ පාලක මණ්ඩලය පවසන්නේ අද වන විට නවදිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය ඒකක 253ක් වන බවයි.

එය සතියක් තුළ ඒකක 300 ඉක්මවනු ඇතැයිද එම මණ්ඩලය පෙන්වා දෙනවා. මේ දර්ශකයේ අගය ඒකක 301 ඉක්මවුවහොත්, නවදිල්ලි නගරයේ ජීවත්වීම අවදානම් සහගත වනු ඇති බවද එම මණ්ඩලය අවධාරණය කරනවා. 2014 සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව මේ දර්ශකය හඳුන්වා දුන්නා. ඉන්දියාවේ ජාතික වායු නිරීක්ෂණ වැඩසටහන මගින් එරට ප්‍රධාන නගර 240ක් නිරීක්ෂණය කෙරෙනවා. ඒ සඳහා නිරීක්ෂණ මධ්‍යස්ථාන 342ක් රට පුරා පිහිටුවා ඇති බවයි මධ්‍යම දූෂණ පාලක මණ්ඩලය පෙන්වා දෙන්නේ. නවදිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය අපේකෂා කරන ඉහළම අගය වාර්තා කළහොත් නගරයේ පදිංචිකරුවන්ට එළිමහනේ කටයුතු කිරීමෙන් වළකින ලෙසට දැනටමත් උපදෙස් දී තිබෙනවා. කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට මේ තත්ත්වය වඩාත් අහිතකර වනු ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මීට පෙරද නවදිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉහළ අගයක් ගත් අතර, පාසල් සහ සේවා ස්ථාන වසාදැමීමටද එහිදී දිල්ලි රජය කටයුතු කළා. මෙවරද ඒ තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්