fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිලාබැස්ස මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 12:19

ගිලාබැස්ස මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක්

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නායයාමට ලක් වූ ප්‍රදේශය ආසන්නයෙන්ම තාවකාලික විකල්ප මාර්ගයක් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඒ සදහා ස්ථාන පරීක්ෂාවක් කර වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිලධාරීන්ට දන්වා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නෝවුඩ් කාර්යාලයේ ඉංජිනේරු කේ.ඩී.වී.ආර් දේවප්‍රිය මහතා පවසනවා.

නායගොස් ගිලා බැස ඇති ස්ථානය අසලින්ම කන්ද කපා තාවකාලිකව මෙම මාර්ගය ඉදිකිරීමයි ඉංජිනේරුවරුන්ගේ සැලසුම වී ඇත්තේ. එය ඉදිකරන තෙක් සැහැල්ලු වාහනවලට පමණක් ගමන් කළ හැකි පරිදි විකල්ප මාර්ගයක් සකස් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. ඒ නායගිය ස්ථානයට ඉහළින් තේ වත්ත හරහා දැනට තිබෙන මාර්ගය පුළුල් කිරීම තුළිනුයි.

කාසල්රී ජලාශයට ඉහළින් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ අඩි සියයක පමණ කොටසක් හා ප්‍රධාන මාර්ගය අසළ තිබූ නිවාස පහක් අවස්ථා දෙකක දී කාසල්රී ජලාශයට කඩා වැටුණා. ඒ ඊයේ දිනයේදීයි. එම ස්ථානයේ තවත් නිවාස දෙකක් නායයාමේ අවදානමට ලක්ව තිබෙනවා. එහි පදිංචිකරුවන් ද තාවකාලිකව ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට නෝවුඩ් පොලීසිය කටයුතු කළා. මෙම නිවාස හතේම සාමාජිකයන් ඔවුන්ගේ ඥාති නිවෙස්වල මේ වන විට රැදී සිටිනවා. ඔවුන්ට අවශ්‍ය ආහාරපාන අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා නෝවුඩ් ප්‍රාදේශීය සභාව මගින් ලබා දෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්