fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී පාලි මණ්ඩපයේ “Breath of  a Dream” කෙටි චිත්‍රපටිය එළිදැක්වේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 11:33

ශ්‍රී පාලි මණ්ඩපයේ “Breath of  a Dream” කෙටි චිත්‍රපටිය එළිදැක්වේ

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ 2013/ 2014 සිනමා අධ්‍යයනය පිළිබඳ හදාරන විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නිෂ්පාදනය Breath of  a dream නම් කෙටි චිත්‍රපටිය 2018 ඔක්තෝම්බර් මස 22 වැනි දින කොළඹ විශ්වවිද්‍යාලයේ New Art Theatre හීදී පස්වරු 4.00ට තිරගත වීමට නියමිතයි.

කාන්තාවට සිය ජීවිතයේ අපේක්ෂිත නිදහස සහ සැබෑ ජීවිතයේ ඇයට හිමි යථාර්ථය පිළිබඳ මෙම සිනමා පටය ඔස්සේ ප්‍රදර්ශනය කෙරෙනවා.

මෙහි රංගනයෙන් මයුර පෙරේරා, සරසි උදාරා, ඉෂාරා සෞභාග්‍යා සහ කථිකාචාර්ය පූජිත ද මැල් දායකත්වය සපයනවා.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වින්ද්‍යා ඉඳුනිල්, විශ්මි චමත්කා සහ ගයාෂි අධිකාරම් විසින් සිදුකරන අතර කැමරාකරණය සහ සංස්කරණය චතුරංග ප්‍රදීප් සහ චරක ඔෂාන් යන තරුණ සිනමාවේදීන් දෙදෙනා විසින් සිදු කරනු ලබනවා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 11:33

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්