අයහපත් කාලගුණයෙන් ප්‍රංශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. දකුණු දිග ප්‍රංශයේ ප්‍රදේශ රැසකට රතු අවදානම් නිවේදන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මිය ගිය සංඛ්‍යාව 10ක්. ප්‍රදේශ රැසක ගමනාගමනය ද මුළුමනින්ම ඇණහිට තිබෙනවා. හෙලිකොප්ටර් මඟින් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට එරට බලධාරින් කටයුතු කළා. හෙලිකොප්ටර් හතක් සහ සහන සේවා නිලධාරින් 700ක් ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බලපෑම් එල්ල වූ ස්ථානවලට බෝට්ටු මඟින් ළඟාවීම ඉතා දුෂ්කර වී ඇතැයිද ප්‍රංශ බලධාරින් පෙන්වා දෙනවා.