මෙරට ප්‍රථම සංගීත මහාචාර්ය ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වුණා. හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගිය බවයි පවුලේ ඥාතීන් සදහන් කළේ.
ප්‍රවීන සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ බිරිද වන අමරා රණතුංග මහත්මිය මිය යන විට 79 වන වියෙහි පසු වුණා. නාවල, ඩී.එම් කොළඹගේ මාවතේ, අංක 27, 7 දරණ නිවසේ දේහය අද පස්වරුවේදී තැන්පත් කිරීමට නියමිතයි.දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා සිදු කරන බව පවුලේ ඥාතීන් සදහන් කරනවා.
අමරා රණතුංග මහත්මිය ගැයූ ගීත ඉමහත් ජනාදරයට පත් වුණා. එක කිරුළක් පළදින්නට බැහැ, රාමා සීතා, ඊයේ රෑ ඔබ, පසුමල් සුවදක් සේ, සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ, මහරෑයාමේ සහ ප්‍රේම කථාවක චරිත දෙකක්….. වැනි ගීත රැසක් ඒ අතර වනවා.