තාක්ෂණයේ දැවැන්තයා වන මයික්‍රෝසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ පෝල් ඇලන් අභවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 65 වන වියේහි පසු වූණා.
පෝල් ඇලන් කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි අතර පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වෛද්‍යවරුන් පැවසුවේ. සති දෙකකට ආසන්න කාලයකදී නැවතත් පිළීකා රෝගය මතුවීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 1975 වසරේදී මයිකොසොෆ්ට් සමාගම බිල්ගේට් සහ පෝල් ඇලන් එක්ව ආරම්භ කළා. ඔවුන් දෙදෙනා පාසල් කාලයේ සිටම මිතුරන්. පෝල් ඇලන් 2000 වර්ෂයේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉවත්ව එම සමාගමේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කළා. ඔහු මියයන විට ලෝකයේ බිලියනපතියන් අතුරින් 46 වන ස්ථානයට පැමිණ සිටියා.