Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික පාසල් විදුහල්පති සම්මුඛ පරීක්ෂණය භෙට සිට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 08:50

ජාතික පාසල් විදුහල්පති සම්මුඛ පරීක්ෂණය භෙට සිට

ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණ භෙට ආරම්භ කෙරෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ දි. ලබන මස 10 වැනිදා දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

පසුගිය කාලයේ නිසිපරිදි පුරප්පාඩු සම්පුර්ණ නොකිරිම හේතුවෙන් ජාතික පාසල් රැසක සුදුසුකම් සහිත විදුහල්පති පුරප්පාඩු නිර්මාණය වී තිබුණා. ඊට අමතරව ඇතැම් විදුහල්පතිවරුන් දීර්ඝ කාලයක් එකම පාසලක සේවය කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. ඒ අනුව ජාතික පාසල්වල පරිපාලනය හා කළමනාකරණය විධිමත් කිරිම සදහා සුදුසුකම් ලැබූ ශ්‍රේනිධාරී විදුහල්පතිවරුන් පත්කිරිම කඩිනම් අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරිමටත් වසර 08කට වැඩි කාලයක් එකම ජාතික පාසලේ සේවය කළ විදුහල්පතිවරුන් වෙනත් පාසල් සදහා මාරු කිරිමටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව විධිමත් කි‍්‍රයාමාර්ග ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

සම්මුඛ පරීක්ෂණයෙන් පසු සුදුසුකම් ලබන විදුහල්පතිවරුන් මේ වසර අවසානයට පෙර ජාතික පාසල්වල පුරප්පාඩු සදහා ස්ථානගත කිරිමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 08:50
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්