අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 14 වන වරටත් සංවිධාන කළ සමස්ථ ලංකා පාසල් කෙටිදුර පිහිණුම් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව ශාන්ත සෙබෙස්තියන්
දිනාගත්තා. තුන්වන වරටත් එහි බාලිකා ශූරතාව දිනාගත්තේ සත්කාරක ධර්මාශෝක විද්‍යාලයයි. ධර්මාශෝක විද්‍යලයීය පිහිණුම් තටාකයේ පැවති තරගාවලියට පාසල් විස්සක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 700 දෙනෙකු එක්ව සිටියා. ඉසව් 118ක් ඊට ඇතුළත් වුණා. ප්‍රසාද ලකුණු 446ක් ලබා ගනිමින් මොරටුව ශාන්ත සෙබෙස්තියන් විදුහල පළමුවරට බාලක ශූරතාව දිනාගත්තා. එහි අනුශූරතාව හිමි වූයේ සත්කාරක ධර්මාශෝක විද්‍යාලයටයි. තරගාවලියේ බාලිකා ශූරතාව ධර්මාශෝක විද්‍යාලය දිනාගනිද්දී අනුශූරතාව හිමි වුයේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයටයි.