fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව යළි කල් යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 14:54

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව යළි කල් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී අද කැදවූවා.

නඩුවට අදාළ ඇතැම් ලේඛණ තවමත් විත්ති පාර්ශ්වයට ලැබී නැති  බවටයි විත්ති පාර්ශ්වයේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ. එසේ නොලැබුණු ලේඛණ ලැයිස්තුවක් මගින් හෙට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විත්ති පාර්ශ්වයට නියෝග කළා. ඒ සම්බන්ධයෙන් විමසා බැලීම සදහා නඩුව ලබන විසිතුන්වන දින යළි කැදවීමටයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ. මෙම නඩුව ලබන තිස් වනදා සිට දිනපතා විභාගයට ගැනීමට පළමු ස්ථිර තිපුද්ගල මහාධිකරණය මීට පෙර නියෝග කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩා බාලගේ , හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත කුඩා බණ්ඩාර යන අය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා. ලිට්රෝ ලංකා ගෑස් සමාගමේන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට  ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමෙන් මෙම මුල්‍ය වංචාව සිදු කර ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා පොදු දේපළ පනත, මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත සහ දණ්ඩනීතී සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හොටෙල් ව්‍යාපෘතිය සදහා 2012 වසරේ කැබිනට් අනුමැතිය මත රුපියල් බිලියන 18.5 ක් වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් බිලියන 4ක් නීතී විරෝධී ලෙසට හම්බන්තොට හයිට් රීජෙන්සි හොටෙල් ව්‍යාපෘතියට යොදා අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය  අපරාධ කොට්ඨාශය පරික්ෂණ සිදුකළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්