දෙණියාය ප්රදේශයේ දී දෙබර ප්රහාරයකට ලක්වීමෙන් මිත්තණියක සහ ඇගේ මුණුබුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දෙණියාය, කිරිවැල්දොළ ,හිගුරුහේන ප්රදේශයේ නිවසක වහලයේ බැද තිබූ දෙබර කූඩුවක් මෙසේ ඇවිස්සී තිබෙනවා. නිවසේ සිටි දෙහැවිරිදි දරුවෙකු සහ ඇගේ මිත්තණිය දෙබර ප්රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වුණා. මිත්තණියගේ වයස අවුරුදු 68ක්. එම අවස්ථාවේ නිවසේ රැදී සිට ඇත්තේ ඔවුන් දෙදෙනා පමණක් බවයි වාර්තා වන්නේ.