හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කොටසක් අඩි 10ක් පමණ ගිලා බැස තිබෙනවා. මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දැමීමට ද පොලිසිය පියවර ගත්තා.
නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහලින්වූ කොටසක් මෙසේ ගිලා බැසීමට ලක්වුණා. අඩි 10ක් පමණ ගැඹුරට එම කොටස ගිලා බැස තිබෙනවා. ඒ අසල පිහිටි නිවාස පහක් කාසල් රි ජලාශයට කඩා වැටීමේ අවදානමක් ද පවතිනවා. මීට දින කිහිපයකට පෙර එම ප්‍ර දේශය නාය යෑමට පටන් ගෙන තිබෙනවා. ඒ ආශ්රිත පදිංචි පවුල් 5කට අයත් සාමාජිකයින් විසිතුන් දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද කටයුතු කෙරුණා. මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.නාය යාම සක්‍රිය වී ඇති ස්ථාන නිරීක්ෂණය කරමින් අමාත්‍ය පලනි දිගම්බරන් මහතා ප්‍ර දේශයේ සංචාරයක නිරත වුණා. අවතැන් පවුල් සදහා නෝර්වුඩ් ප්‍රදේශයේ සුදුසු ස්ථානයක නිවාස ඉදිකිරීමට කටයුතු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=BD-4bh1Oheo&feature=youtu.be”]