fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 08:50

ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

පොළොන්නරුව දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු 44 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14)පස්වරුවේ පොළොන්නරුව දිස්ති‍්‍රක් කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

ජාතික මහා කී‍්‍රඩා උළෙල පසුගිය 11 වනදා ආරම්භ කෙරුණු අතර පළාත් 09ම නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1543 දෙනෙකු හා නිලධාරින් 443 දෙනෙකු ඊට එක් විය.

දක්ෂම කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් වෙත ජය සංකේත ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

වසර 25 ක සේවා කාලය සම්පූර්ණ කළ කී‍්‍රඩා නිලධාරින් අගයමින් රන් සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය ෆයිසර් මුස්තාපා, රාජ්‍ය ඇමතිණි ශ‍්‍රීයානි විජේවික‍්‍රම යන මහත්ම මහත්මීන් සහ පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන්, පළාත් කී‍්‍රඩා අමාත්‍යවරුන් සහ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 08:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්