fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා සත් සමාජික රග්බි ද්විත්ව ශූරතාව ජපානයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 11:28

ආසියා සත් සමාජික රග්බි ද්විත්ව ශූරතාව ජපානයට

ශ්‍රී ලංකාවේ පැවති ආසියා සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් අධියරේ කාන්තා හා පිරිමි ද්විත්ව ශූරතා දිනා ගැනීමට ජපානය සමත්වුණා. ඒ අවසන් තරගයේදී හොංකොං කාන්තා හා පිරිමි කණ්ඩායම් පරාජය කරමින්. කොළඹ නව තුරඟ තරග ක්‍රීඩා පිටියේදී තරගාවලිය පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම හා තායිලන්ත රග්බි කණ්ඩායම අතර  කාන්තා අංශයේ පලග ශූරතාව වෙනුවෙන් අවසන් තරගය පැවැත්වුණා.

ලකුණු හතට පහක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සමත්වුණා. තරගාවලියේ පිරිමි අංශයේ තුන්වන ස්ථානය සදහා තරගය පැවැත්වුනේ පිලිපීන හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතරයි. එහිදී ලකුණු 19 ට 07 ක් ලෙස ජය වාර්තා කිරීමට පිලිපීනය සමත්වුණා. ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායමට හිමිවුනේ සිව්වන ස්ථානයයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 11:28

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්