ජර්මනියේ ගුවන් අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ගුවන්තොටුපොළ අසල සිටි පිරිසක් මතටයි යානය කඩා වැටී ඇත්තේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 10 ක් වන පිරිමි දරුවෙකුයි. ගුවන් යානය ගොඩබැස්සවීමේදී ගුවන් නියමුවාගේ පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතුවයි. ගුවන් යානය තුළ ගමන්කළ පුද්ගලයින් පස් දෙනා බරපතල තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.