තවත් ග්‍රාම නිලධාරින් 378කට ලබන සතියේදී පත්වීම් ලබාදෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.
ඒ අනුව පරිපාලන ග්‍රාම නිලධාරින් 104 දෙනෙකුට ද පත්වීම් ලබාදෙන බවයි අමාත්‍යංශ ලේකම් එස් ටී කොඩිකාර මහතා සඳහන් කළේ.
තවද ජාතික හැදුනුම්පත් ලබා ගැනිමේ ගාස්තු ග්‍රාම නිලධාරින්ට ගෙවීමේ ක්‍රමය ද මේ වනවිට ක්‍රියාත්මක බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනූවයි. ඒ අනූව ජාතික හැදුනුම්පත් ලබා ගැනිමට ගෙවිය යුතු රුපියල් 100ක මුදල ග්‍රාම නිලධාරින්ට ලබාදිය හැකි බවයි අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කළේ.