හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සමග ඉන්දීය ජාතික යුවළක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන විසි හතරකට අධිකයි.
ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් එම යුවළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. චෙන්නායි සිට දිවයිනට පැමිණි ඔවුන් ගමන් මලුවල පතුලේ ඉතා සූක්ෂම ලෙස මෙම මත්කුඩු සගවා තිබුණා. සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග මත රදවාගෙන වැඩිදුර පරික්ෂණ සිදු කිරීමට නියමිතයි.