“නිදහසේ පියා” ඇවිත්..
Related Articles
සුනෙත් මාලිංග ලොකුහේවාගේ අලුත්ම සිනමා පටය ” නිදහසේ පියා ඩී.එස්.” සිනමා පටය පසුගිය 12 වැනිදා තිරගත ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා. රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වන මේ සිනමා පටය සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම එකවර කොළඹදී හා යාපනයේදී තිරගත වීම විශේෂත්වයක්. ඒ අනුව කොළඹදී සිංහල පිටපත ද, යාපනයේදී දමිළ පිටපත ද ප්‍රදර්ශනය කෙරුණා.
ලංකා ඉතිහාසයේ් පළමු දේශපාලන චරිතාපදානය වන මෙය මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන්ගේ ජීවන චරිතය ඇසුරින් නිර්මාණය වී තිබෙනවා.
ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න, පාලිත සිල්වා, ශ්‍රීයන්ත මෙන්ඩිස් හා ජනක් ප්රේමලාල්ඇතුළු නළු නිළියන් සියයකට අධික පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.
මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ පද රචනය හා අමරසිරි පීරිස් සහ සමන්ත පෙරේරාගේ ගායනයෙන් ද සුපෝෂිත “නිදහසේ පියා ඩී. එස්” චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් වන බව නම් නොඅනුමානයි.
ඡායාරූප අයිතිය ; Studio Aroma