fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ රැජිණගේ මිණිබිරියගේ මංගල ඇඳුමේ සැඟවුණ රහස …

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 08:30

මහ රැජිණගේ මිණිබිරියගේ මංගල ඇඳුමේ සැඟවුණ රහස …

බ්‍රිතාන්‍ය මහ රැජි‍ණගේ මිණිබිරිය ඉයුජින් කුමරියගේ විවාහ මංගල්‍යය එංගලන්තයේ වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පැවැත්වුණා. හැරි කුමාරයාගේ විවාහයෙන් පසුව රජ පවුලේ දෙවැනි මංගල්‍යය තමයි මේ ඉයුජින් කුමරියගේ විවාහය කියන්නේ.

බ්‍රිතාන්‍ය රාජ්‍ය උරුමයේ නව වැන්නේ සිටින ඇය ජැක් බෲක්ස්බෑන්ක් නම් තමන්ගේ පෙම්වතා සමඟ විවාහ වුණේ දිගුකාලීන ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදියට.

එලිසබෙත් මහ රැජිණ, ෆිලිප් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් සමග නළු, නිළියන්, ගායක, ගායිකාවන් ඇතුළු ආරාධිතයින් 850 දෙනෙක් මෙම උත්සවයට සහභාගි වෙලා හිටියා.

ඉතින් ඉයුජින් කුමරියගේ මංගල ඇඳුම ගැන බෙහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ මේ අතරේදීයි. මේ සුදු පැහැති මංගල ඇඳුමේ සැඟවුණ රහසක් තිබෙනවා. හරියටම කිව්වොත් විශේෂ සිදුවීමක් නිසා මේ ඇඳුම මේ විදියට නිර්මාණය කරන්නට ඉයුජින් කුමරිය තීරණය කර තිබෙනවා.

“මම අවුරුදු 12 දී කොඳු ඇට පෙළ ආශ්‍රිතව ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ මට උදව් කරපු සියලු දෙනාට කළගුණ සැලකීමක් ලෙසයි මම මේ ඇඳුම නිර්මාණය කළේ”

ඉතින් තමන්ගේ මංගල ඇඳුම ඇගේ කොඳු ඇට පෙළ හොඳින් පෙනෙන පරිදි සකස් කර තිබීමට හේතුව විදියට ඇය කියලා තිබුණේ එහෙම දෙයක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්