fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුණ වෙනස්කරගත් රූ රැජින

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 08:30

මුහුණ වෙනස්කරගත් රූ රැජින

 

කාගේත් මතකයෙන් ඈත් නොවූ සුශ්මිතා සිං, මෑතකදී සමාජ මාධ්‍යයන් ඔස්සේ විසුරුවා හළ ඇගේ අලුත් ම ඡායාරූප කිහිපය කාගේත් අවධානයට ලක්වෙලා. එම ඡායාරූපවලින් දිස්වන ඇගේ ස්වරූපය වෙනස් වී ඇතැයි බොහෝ දෙනකු පවසනවා. රූපයෙන් අගතැන්පත්ව සිටින හිටපු විශ්ව රූ රැජනගේ මුහුණ මෙලෙස වෙනස් වුණේ ඇයි දැයි කවුරුත් විමසනවා. තතු දන්නා අය පවසන්නේ ඇය ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඇති බවයි.

මේ අලුත් මුහුණුවර දුටු ඇතැමුන් දැන් සුශ්මිතාව හඳුන්වන්නේ බටහිර නිරූපිකාවන් වන කර්ඩෑෂියන් සොයුරියන්ගේ තවත් සොයුරියක ලෙසයි.

සුශ්මිතා සෙන් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාල සමඟ බැඳී සිටිමින් රසික ජනතාවට සමීප වෙන නිළියක්. ඇය අවසන් වතාවට රඟපෑවේ ‘හැපි ඇනිවසරි’ නම් වූ හාස්‍යය මුසුවූ බොලිවුඩ් චිත්‍රපට‍යේයි. එය 2016 දී තිරගත වීමට නියමිතව තිබුණා. එහෙත් මෙතෙක් එය රසික පිරිස අතරට පැමිණියේ නැහැ‍.

නැවුම් මුහුණුවරකින් යුතුව යළි සිනමා රංගනයට පිවිසෙන්නටයි සුශ්මිතා බලාපොරොත්තු වන්නේ. මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කීවේ ඉදිරි මාස 6ක පමණ කාලයක් අලුත් චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් කැප කිරීමට අදහස් කරගෙන සිටින බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්