මහනුවර සිට අනුරාධපුරය දක්වා ගමන් කළ බස් රථයක් හා වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ වයස අවුරුදු 5 ක කුඩා දැරියක ජීවිතක්ෂයට පත්වුණා. ඇය ITN මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ දියණියක්.
වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය බස් රියේ ගැටී ඇත්තේ මාතලේ කොහොලන්වල ප්රදේශයේදීයි. දැරිය මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. අනතුරෙන් ITN කාර්ය මණ්ඩල සේවකයා ඇතුලු 3 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මාතලේ මහ රෝහලට ඇතුළත් කෙරුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. අනුරාධපුර වන්දනාවේ යන අතරතුරදී මෙම අනතුර සිදුව තිබෙනවා. මහවෙල පොලීසිය ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.