fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇත්පවුර දෙවැනි ක්‍රියාන්විතය අද ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 16:48

ඇත්පවුර දෙවැනි ක්‍රියාන්විතය අද ඇරඹෙයි

සමාජ ව්‍යවසායකයන්ගේ ජය බිම ඇත්පවුර දෙවැනි ක්‍රියාන්විතය අද(14) ආරම්භ කෙරෙනවා.  සමාජයට ඵලදායී ව්‍යාපාර ගොඩනැගීමේ අරමුණ ඇතිව නව සමාජ ව්‍යවසායකයන් සඳහා ආයෝජන අවස්ථා ලබාදීම ඇත් පවුරේ ප්‍රධාන අරමුණ යි. විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගනිමින් ක්‍රියාත්මක කෙරුණු ඇත් පවුර පළමුවැනි අදියර තුළින් සාර්ථක ව්‍යවසායකයන් රැසක් බිහි කිරීමට හැකිවුණා.

ඇත්පවුර පළමුවැනි අදියරට හිමිවුණු ඉහළ ප්‍රතිචාර හේතුවෙන්ම ව්‍යවසායකයන්ට ලබාදෙන ආයෝජන මුදල රුපියල් ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ දෙවැනි අදියරේ දී සුළු හා මධ්‍ය පරිමාණ  ව්‍යාපාරිකයන් වැඩි වශයෙන් බිහි කිරීමේ අරමුණ ඇතිවයි. දෙවැනි ක්‍රියාන්විතය ආරම්භ‍යේ දී ම තරුණ ව්‍යවසායකයන් අතිවිශාල පිරිසක් ඇත් පවුර සමඟ එක්ව සිටිනවා. පළමුවැනි ක්‍රියාන්විතයේ දී එක්වූ ආයෝජකන්ට වඩා වැඩි පිරිසක් මෙවර ඇත් පවුර සමඟ එක්ව සිටින්නේ එම වැඩසටහන ලබාගත් සාර්ථකත්වය වඩාත් තහවුරු කරමින්.

නිහඬ ආර්ථික විප්ලවය ඇත්පවුර දෙවැනි ක්‍රියාන්විතය  අද (14) සිට රාත්‍රී 9.00ට ITN තුළින් විකාශය කෙරෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 16:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්