fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අංග සම්පුර්ණ තාක්ෂණික කෞතුකාගාරයේ ඉදිකිරීම් ජනපතිගේ නිරීක්ෂණයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 16:39

අංග සම්පුර්ණ තාක්ෂණික කෞතුකාගාරයේ ඉදිකිරීම් ජනපතිගේ නිරීක්ෂණයට

පොළොන්නරුව නගරයේ ඉදිකෙරෙන තාක්ෂණික කෞතුකාගාරයේ ඉදිකිරීම් අද (14) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් වුණා.

වසර 150කට පසු මෙරට ඉදිකෙරෙන අංග සම්පූර්ණ තාක්ෂණික කෞතුකාගාරය මෙයයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා වන සාම්ප්‍රදායික තාක්ෂණික ක්‍රමවේද හා රාජ්‍ය පාලනයේ වැදගත් සන්ධිස්ථාන ඇතුළත් මැදිරිවලින් මෙම තාක්ෂණික කෞතුකාගාරය සමන්විත වන අතර නවීන ශ්‍රවණාගාරයක් මෙන්ම අධිතාක්ෂණික නැරඹුම් මැදිරිවලින් ද සමන්විත යි.

අපගේ අතීත සම්ප්‍රදාය සහ උරුම පිළිබඳ දෙස් විදෙස් සංචාරකයන්ට සහ පාසල් සිසුන්ට අවබෝධයක් ලබාගත හැකිවන අයුරින් මෙහි නිර්මාණ කටයුතු සිදු කෙරෙනවා.

කෞතුකාගාරයේ භෞතික ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති අතර කෞතුක වස්තු තැන්පත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ. එම පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා සියලු නිර්මාණ කටයුතු හැකි ඉක්මණින් නිම කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා. එම ඉදිරි කටයුතු විමසා බැලීමේ සාකච්ඡාවකට ද අදාළ නිලධාරින් සමඟ ජනාධිපතිතුමා එක් වුණා.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සනුජා කස්තුරිආරච්චි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන, ඉංජිනේරු කාර්ය පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ සභාපති ඩී.බී.ඒ. පියතිලක මහත්වරුන් ඇතුළු නිලධාරීන් මීට එක්ව සිටියා.

මේ අතර පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව නව බස් නැවතුම්පොළේ ඉදිකිරීම් ද අද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වුණා. එම ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලු ජනාධිපතිතුමා සියලු ඉදිකිරිම් කඩිනමින් නිම කිරීමට නිලධාරින්ට උපදෙස් දුන්නා.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් වූයේ පොළොන්නරුව 28 කණුව ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් නිරික්ෂණය කිරීමටයි.

වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් ජනාධිපතිතුමාට චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් අනුව දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල ඉදි කෙරෙනවා. එහි කටයුතු කඩිනමින් නිමකර වකුගඩු රෝගයෙන් පීඩාවිදින ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා නිලධාරින්ට පෙන්වා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්